ඊසානදිග ප්‍රංශයේ මංගල උත්සවයකට සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ග්‍රීසි­යට අයත් ගල්අ­ඟුරු නෞකා­ව­කට එල්ල වූ හවුති ප්‍රහා­ර­යෙන් සති­ය­කට පසු රතු මුහුදේ ගිලී ගිය බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නය තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අක්‍ර­ම­වත් සහ නීති­වි­රෝධී අයු­රින් සංක්‍ර­ම­ණි­ක­යන්ගේ වර්ධ­න­යක් සිදු­වීම හේතු­වෙන් අද සිට චීන පුර­වැ­සි­යන්ට වීසා රහි­තව රටට ඇතු­ළු­වීමේ අව­ස්ථාව අත්හි­ටු­වන බව ඉක්ව­දෝ­රය ප්‍රකාශ කර තිබෙනවා.

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නව අවි ආයුධ රැසක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා.

චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් අගනුවර සිට හංගේරියාවේ බුඩාපෙස්ට් නගරය දක්වා ධාවනය වූ මගී දුම්රියක් දකුණු ස්ලෝවේකියාවේ දුම්රිය හරස් මාර්ගයක තිබූ බසයක ගැටීමෙන් පුද්ගලයන් 7 දෙනකු මියගොස් තිබෙනවා.

පාකිස්තානයේ අන්තවාදය සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරණාත්මක පියවරක් ලෙස අගමැති ශෙබාස් ෂරිෆ් එරට ජාතික ත්‍රස්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.


  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.