එක්වදෝරය රටට ඇතුළුවීම අත්හිටුවයි
දකුණු අමෙරිකාව, මධ්‍යම අමෙරිකාව හා මෙක්සිකෝව හරහා පා ගමනින් දිගු සංචාරයක යෙදෙමින් පසුගිය කාලය ඇතුළත දහස් සංඛ්‍යාත චීන පුරවැසියන් එක්වදෝරයට ඇතුළු වී ඇතැයි ද, එය එරට සංක්‍රමණිකයන්ගේ අර්බුදය ඉහළ දැමීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දේශසීමා මුර සංචාර සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් එරට නිරිතදිග දේශසීමාවෙන් රටට ඇතුළු වන චීන ජාතිකයන්ගේ ප්‍රමාණය හයදහස ඉක්මවා ගොස් තිබූ බවත්, මේ වසරේ මැයි මාසයේදී එය 3,600ක් ලෙස වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
අනවසර සංක්‍රමණිකයන්ගේ වර්ධනය සීමා කිරීම සඳහා මේ වසරේ මුල් භාගයේදී මෙක්සිකෝව ප්‍රධාන දේශසීමාවේ නව මුරපොළවල් පිහිටුවීමට සහ අමෙරිකාවට යෑම සඳහා වැඩිපුර භාවිත කරන දේශසීමා මාර්ගවල මුර සංචාර වැඩි කිරීමට එක්වදෝර රජය පියවර ගෙන තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට එක්වදෝරයට හැකිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්