මදුරෝට ජනපතිවරණයෙන් ජය
ඒ, ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟයි.
නිකලස් මදුරෝ යනු, වෙනිසියුලානු අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්රාප්තිකයායි.
මදුරෝ, මීට වසර 11 කට පෙර, වෙනිසියුලාවේප ජනපති ධුරයට පත්වූයේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙන්.
මදුරෝට අභයෝග කිරීමට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරුටියා උත්සාහ ගත් නමුත් සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
විපක්ෂ නායක එඩ්මුන්ඩෝ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් පිහිටුවූ සන්ධානයෙන්.
දශක ගණනක් තිස්සේ වෙනිසියුලාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටී. ඇමෙරිකාව ද වෙනිසියුලායට සම්බාධක රැසක් පනවා ඇති අතර, ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට එය හේතුවක් බව පැවැසෙනවා.
මේ වනවිට මිලියන 7 කට වැඩි වෙනිසියුලානුවන් පිරිසක් රට හැර ගොස් තිබෙන අතර මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කීරීමට මිලියන 21 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මාදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
61 හැවිරිදි නිකොලස් මාදුරෝ, වෙනිසියුලාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රධානී එල්විස් අමොරොසෝ පවසන්නේ සියයට 44ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් මදුරෝ සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්