බංග්ලාදේශය දින හතරකට පසු ඇරෙයි
වසර 1971දී බංග්ලාදේශ නිදහස් අරගලයට එක්වූ හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ රජයේ හිතවාදීන්ට රජයේ රැකියා කෝටාවෙන් 30%ක් වෙන් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාව ප්රචණ්ඩ වීමෙන් පසු පනවනු ලැබූ ඇඳිරීනීතිය ඉවත් කර ඇත්තේ දින 4කට පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බංග්ලාදේශයේ ජන ජීවිතය යළි සාමකාමී අතට හැරී ඇත්තේ පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ රැකියා කෝටාව සම්බන්ධව දුන් තීන්දුවෙන් පසුවයි.
කුසලතා මත පදනම්ව අපේක්ෂකයන්ට රැකියා කෝටාවෙන් 93%ක් වෙන් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරද්දි රජයේ හිතවාදී කණ්ඩායම් සහ පොලිසිය ඇතුළු යුද හමුදාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් ද, සරසවි සිසුන්ගේ පහරදීම්වලින්ද අහිමිවූ ජීවිත ගණන 150 ඉක්මවා තිබූ බව ද වාර්තා වනවා.
ඇඳිරිනීතිය පැනවීමත් සමඟ රජය විසින් රට පුරා අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊයේ වන විට බැංකු, ව්‍යාපාර, තාක්ෂණ හා සන්නිවේදන සමාගම් හා මාධ්‍ය ආයතන වෙත පමණක් එම සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, සමාජ මාධ්‍යජාලය පසුව ඉවත් කරන බව බංග්ලාදේශ රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වනවා.
අන්තර්ජාලය අත්හිටුවීමෙන් පසු එරට පුවත්පත් අලෙවිය 20%කින් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වනවා.
කෙසේ වුවද දින පහකට ආසන්න කාලයක් පුරා පැවති ප්රචණ්ඩ ක්‍රියා සහ ඇඳිරිනීතිය හේතුවෙන් රජයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අපනයන ඇඟලුම් ක්ෂේත්රයට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊයේ වන විට ප්රචණ්ඩ ක්‍රියාවල නිරතවූ සරසවි සිසුන් ඇතුළු පුද්ගලයන් 2657 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන් පිරිසක් දින තුනක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට උසාවි නියෝග ද නිකුත් කර තිබූ බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එරට ප්‍රධාන විපක්ෂය වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායකයා ද සිටින බව එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
සරසවි විරෝධතාව පසුපස කලීඩා සියාගේ පක්ෂය සිටින බව රජය චෝදනා කර ඇති අතර, බංග්ලාදේශයේ විපක්ෂය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්