ගාසා ආරක්ෂිත කලාපයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 30 දෙනෙකු මිය ගිය බවට වාර්තා වනවා.
ඊශ්‍රායල හමුදාව නැඟෙනහිර ඛාන් යූනිස් ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර දියත් කර ඇත්තේ, නිවැසියන්ට ඉවත්වීම සඳහා කාලයක් ලබාදීමෙන් පසුවයි.
මීට පෙර මේ කලාපය මානුෂීය තීරුවක් ලෙස නම් කර තිබුණා.
ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා දැනුම්දීම සිදු කර, පැයකටත් අඩු කාලයකට පසුව මේ පහරදීම සිදු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.
මේ ප්‍රහාරය තවත් ප්‍රහාර මාලාවක ආරම්භයක් බව සමහර ඊශ්‍රායල් බලධාරීන්ගේ මතය වී තිබෙන අතර දකුණු ගාසා තීරයේ අල්-මාවාසි මානුෂීය කලාපයේ නැඟෙනහිර ඇතුළු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස හමුදාවෝ ඊයේ ජනතාවට නියෝග කර තිබුණා.
මිනිසුන්ට ඉවත් වීමට පවා අවස්ථාවක් නොතබා මෙම ප්‍රහාරය සිදු කළ බවට ගාසා ප්‍රදේශයේ වැසියෝ චෝදනා කරනවා.
“ඊශ්‍රායල් හමුදා ඔවුන්ගේ ඉවත් කිරීමේ නියෝග පත්‍රිකා විසි කිරීමෙන් ටික වේලාවකට, පසු නැඟෙනහිර ඛාන් යුනිස් වෙත ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ෂෙල් ප්‍රහාර ආරම්භ කළා” මේ ප්‍රහාරයෙන් දරුවන් රාශියක් තුවාල ලැබූ බව ද පලස්තීන මාධ්‍යය වාර්තා කර තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්