ඉන්දියාවේ අය වැය අද
මෙවර මැතිවරණයෙන් දුර්වල ජයග්‍රහණයක් ලද අගමැති මෝදී, පළමු වරට සභාග හවුල්කරුවන් සමඟ එකඟත්වයක් ඇතිව මෙම අය වැය ඉදිරිපත් කරනු ලබන බව සදහන්.
ඉන්දියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය හේතුවෙන් දේශීය ධනවතුන් වෙත ප්රතිලාභ ගලා යෑම වැඩිවී ඇති අතර ග්‍රාමීය දුප්පතුන් සඳහා සාපේක්ෂව ප්රතිලාභ ගලා යෑම වැඩි කිරීම මෙම අය වැයේ ප්‍රධාන අරමුණක් බව පැවසෙනවා.
ධනවතුන් තරම් ප්රතිලාභ නොලබන ග්‍රාමීය බහුතරය කෙරෙහි නව රජයට වඩාත් තියුණු අවධානයක් යොමු කිරීමට අවශ්‍ය විය හැකි බව විශ්ලේෂකයෝ යෝජනා කරනවා.
අගමැති මෝදි බලයේ සිටි වසර දහය තුළ, මුහුදු පාලම් සහ අධිවේගී මාර්ග ආදිය සඳහා ඩොලර් බිලියන ගණනක් වියදම් කර තිබෙනවා.
විශාල සමාගම් සඳහා බදු අඩු කිරීම් ද සිදු කර ඇති අතර අපනයන කේන්ද්‍ර කර ගත් නිෂ්පාදන දිරිගැන්වීම සඳහා සහනාධාර යෝජනා ක්‍රම දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සාර්ව ආර්ථිකය ස්ථාවරයක් ඉන්දියාවේ ස්ථාවර වී ඇති අතර, එහි කොටස් වෙළඳ පොළ ද කැපීපෙනෙන වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා.
ඉන්දියානුවෝ 60% කට වැඩි පිරිසක්, කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම්වල නියැළී සිටිනවා.
සමස්ත පරිභෝජන වර්ධනය දශක දෙකකින් අඩුම අගයට පත්ව තිබියදීත්, බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ මේ වසරේ මුල් භාගයේදී ඔවුන්ගේ ඉහළම විකුණුම් වාර්තා තබා තිබෙනවා.
රටේ බහුතරයක් ජීවත් වන්නේ උතුරු හා නැඟෙනහිර ඉන්දියාවේ, ඒක පුද්ගල ආදායම නේපාලයට වඩා අඩු අතර සෞඛ්‍ය, මරණ සහ ආයු අපේක්ෂාව බුර්කිනා ෆාසෝට දේශයට වඩා අඩු තත්ත්වයක පවතින බවයි සදහන් වන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්