ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි
78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කර මිනිත්තු 7ක් ගතවෙද්දී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගිනියම් වූ උණ්ඩය ට්‍රම්ප්ගේ කන ළගින් පියාඹා යෑමත් සමග ඔහු සිය කන අල්ලාගෙන පහත් වන ආකාරයත්, අමෙරිකාවේ ජනාධිපතිවරු සහ ජනාධිපති අපේක්ෂකයන් ආරක්ෂා කිරීමේ බුද්ධි සේවාවේ නිලධාරීන් වහා පැන ඔහු බිම පෙරළාගෙන ආරක්ෂාව සැලසීමට කටයුතු කළ ආකාරයත් සාමාජ මාධ්‍යජාලා අතරට මුදාහළ වීඩියෝපටවල සටහන් වී තිබුණා.
ට්‍රම්ප්ට වෙඩි තැබූ තුවක්කුකරු රැඳී සිට ඇත්තේ රැස්වීම පැවති ස්ථානයට නුදුරින් පිහිටි ගොඩනැඟිල්ලක වහලය මත බවත්, මිනිත්තුවක් ඇතුළත පොලිස් වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වනවා.
එම පුද්ගලයා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේම 20 හැවිරිදි තරුණයෙක් බව පසුව වාර්තා වුණා.
මේ වෙඩි ප්‍රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇතැයි වාර්තා වනවා.
වෙඩි තබා තමා නතර කළ නොහැකි බවත්, මේ අවස්ථාවේදී සියලු අමෙරිකානුවන් එකමුතු විය යුතු බවත් රෝහල කරා රැගෙන යමින් සිටියදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්