චීන ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්
එම හමුව බෙයිජිං අගනුවර දී පැවැත්වුණූ අතර එහිදී චීන-බංග්ලාදේශ සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට නායක දෙපළ එහිදී එකඟතාව පළකර තිබෙනවා.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අන්‍යෝන්‍ය ගරුත්වය හා නිසි සහයෝගිතා සහිත මනා පැවැත්මක් සහතික කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.
ලබන වසරේ යෙදෙන එම සබඳතාවයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාවයි.
2025 චීන-බංග්ලාදේශ මානව හුවමාරු වසර ලෙස නම් කර සංස්කෘතික, සංචාරක, මාධ්‍ය හා ක්‍රීඩා ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉහළ පැසසුමට ලක් කර තිබුණා.
දරිද්‍රතාව පිටුදැකීමට චීනයෙන් ලැබුණු සහාය පිළිබඳව ද ඇය ස්තුතිය පළ කර තිබූ අතර චීනයේ සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කරමින් දෙරට ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම් හා දරිද්‍රතාව පිටුදැකීමේ සහයෝගිතා පුළුල් කිරීමට බංග්ලාදේශය සූදානමින් සිටින බවද සදහන් කර තිබුණා.
එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන තම රට තායිවාන ප්රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරයට සහයෝගය දක්වන බව ද ෂීක් හසීනා මහත්මිය කියාසිටියා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්