නයිරෝබි නුවර විරෝධතා
පසුගියදා එරට විරෝධතා යළි ආරම්භ වී ඇත්තේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් බවත්, නයිරෝබි අගනුවර සහ තවත් නගර ගණනාවක රජයට එරෙහි විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය ජූනි මස 8 වැනිදා සිට මේ දක්වා පැවති විරෝධතාවලදී පුද්ගලයන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 361 දෙනකු තුවාල ලබා ඇතැයි කෙන්යාවේ මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කළ බව ද වාර්තා වනවා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට සහ තත්ත්වය පාලනය කිරීමට කෙන්යාවේ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇතැයි ද, ඉන් නොනැවතී ජීව උණ්ඩ යොදා විවෘත වෙඩි තැබීම් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
විරෝධතාකරුවන් වැඩිදෙනකු මියගොස් ඇත්තේ පොලිස් වෙඩි පහරින් බව ද වාර්තා වනවා.
විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි ද, පොලිසියේ ක්‍රියාකලාපයෙන් කුපිත වූ ජනතාව තවදුරටත් ප්රචණ්ඩ ක්‍රියා සිදු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්