ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි
මීට පෙර අවසන් වරට මංමෝහන් සිං අගමැතිවරයා ලෙස කටයුතු කළ 2009 සිට 2014 දක්වා කාලයේදී භාරතීය ජනතා පක්ෂයේ සුෂ්මා ස්වරාජ් එරට විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ අතර, වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ධුර කාලයේ (2014-2019) සහ දෙවැනි ධුර කාලයේ (2019-2024) විපක්ෂ නායක ධුරය හිස්ව තිබුණා.
එම කාලය ඇතුළත භාරතීය ජනතා පක්ෂයට අභියෝග කිරීමට කිසිදු පක්ෂයක් සමත්වී නැති අතර, විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට අවශ්‍ය 10% ක ඡන්ද ප්‍රතිශතය හෝ මුළු ආසන සංඛ්‍යාවෙන් අවම වශයෙන් ආසන 55ක් හෝ ජය ගැනීමට කිසිදු පක්ෂයක් සමත් නොවූ බව වාර්තා වනවා.
එහෙත් මෙවර ඉන්දීය කොන්ග්රසය ආසන 99ක් ජය ගැනීමෙන් විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට සමත් වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවේ හිටපු අගමැතිනිය ඉන්දිරා ගාන්ධිගේ මුනුපුරා ද, හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුත්‍රයා ද වන 54 හැවිරිදි රාහුල් ගාන්ධි 2004 වසරේදී දේශපාලනයට එක්වූ අතර, මේ දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටිිනවා
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්