ජනරජ දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් රුසියාව කැලඹෙයි


නැඟෙනහිර යුරෝපය ආසන්නයේ පිහිටි ඩගිස්තාන ජනරජයේ පොලිස් මුරපොළවල් කිහිපයකට සහ යුදෙව් නිකායට අයත් ආගමික මධ්‍යස්ථානයක් සහ කතෝලික දේවස්ථානයක් ඉලක්ක කරමින් සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනකු සහ වෙඩික්කරුවන් පස්දෙනකු මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ පිරිස 46ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

ඊට පසුදින රුසියාවට අයත් ක්‍රිමියා ජනරජයේ මුහුදු වෙරළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 151 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඩගිස්තාන ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔවුන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් බව එම ජනරජයේ ආරක්ෂක අංශ තහවුරු කර ඇති අතර, මිය ගිය අය අතර පොලිස් නිලධාරීන් 15 දෙනකු සිටින බව ද වාර්තා වනවා. 

ත්‍රස්ත කණ්ඩායම යුදෙව් ආගමික මධ්‍යස්ථානයට වෙඩි තැබීමෙන් පසු ගිනි තබා එය විනාශ කර ඇතැයි ද වාර්තා වනවා.

ක්‍රිමියා ජනරජයේ මුහුදු වෙරළට එල්ල වූ මිසයිල ප්‍රහාරය යුක්රේනයෙන් එල්ල කර ඇතැයි ද, අමෙරිකාව විසින් යුක්රේනයට සපයනු ලැබූ මිසයිල පද්ධතියකින් එය සිදු කර ඇතැයි ද රුසියාව චෝදනා කර ඇති අතර, එම ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට රුසියානු රජය එරට අමෙරිකානු තානාපතිවරිය කැඳවූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.


Related News

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.
නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමත් සමඟ කෙන්යාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටිමින් විරෝධතාවයේ නිරතවූවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී තිබෙනවා.
හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර තිබෙනවා.
ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත්වී ඇති බවට වාර්තා පළවන බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.