ජනපති පුටින් රතු පලසින් උතුරු කොරියාවට
පුටින්ට හමුදා උත්තමාචාරයක්, මල් පිළිගැන්වීමක්, උතුරු කොරියානු මහ ජනතාවගේ ආචාරය සහ චාරිත්‍රානුකූල වෙඩි තැබීම් වැනි අංග ඇතුළුව රතු පලස මගින් පිළිගැනීමේ කටයුතු සිදුකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2000 වසරෙන් පසු සිය ප්‍රථම නිල සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තමන්ට පියොංයැං වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ස්තුතිය පළකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය විකාශය කරන ලද දර්ශනවලින් පෙන්නුම් කළේ නායකයින්ගේ රථ පෙළපාලිය සිදුවන අවස්ථාවේදී අගනුවර මධ්‍යයේ මාර්ගවල දස දහස් ගණන් ජනයා පෙළ ගැසී සිටින ආකාරයයි.
පුටින්ගේ පැමිණීමෙන් පසු නායකයන් දෙදෙනා තම රටවල් අතර සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ශක්තිමත් වී ඇති අතර උතුරු කොරියානු නායකයාගේ හා රුසියානු නායකයාගේ හමුව මේ වන විට ලෝක අවධානය යොමුවී ඇති කරුණක් බවට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්