ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්
විදෙස් වාර්තා සදහන් කලේ එරට පොලීසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය අසලටම පැමිණ ඇයට පහර දුන් බවයි.
එසැණින් ඇගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර, පොලිසියට බාර දී තිබෙනවා.
ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත්, ප්‍රහාරය හේතුවෙන්, ඇය දැඩි ලෙස කම්පනයට පත්වුණු බව පැවැසෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. ඔහු අග්‍රාමාත්‍යවරියට පහර දුන්නේ ඇයිදැයි යන්න තවමත් පැහැදිලි නැහැ.
සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, අගමැතිනි මෙට් ෆෙඩ්රික්සන්ට පිටුපසින් ආ එම පුද්ගලයා ඇයට ළං වී, ඇගේ උරහිසට අතින් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
ප්‍රහාරය හේතුවෙන් ඇය විසි වී ඇද වැටීමට ගිය බව ද සිද්ධිය දුටුවෝ වැඩි දුරටත් කියා සිටියා.
සිද්ධියෙන් පසු ඇය අවන්හලකට ගොස් කෝපි පානය කර තිබෙනවා.
46 හැවිරිදි මෙට් ෆෙඩ්රික්සන්, ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේදීයී.
ඇය ඩෙන්මාර්කයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙසයි සදහන් වන්නේ.
අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුවූයේ යුරෝපා සංගමයේ ඡන්ද විමසුමේ දී ඩෙන්මාර්කය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තිබියදීයී.
ඩෙන්මාර්කය ද යුරෝපා රටක්.
මීට පෙර තවත් යුරෝපා රටන් වන ස්ලොවේකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
සැත්කම් කීපයකට භජනය වූ අග්‍රාමාත්‍යවරයා දිවි ගලවා ගැනීමට සමත් වී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්