අමෙරිකාවෙන් ප්‍රකාශයක්
එම ප්‍රහාරයේදී පුද්ගලයින් 35ක් පමණ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නුසෙයිරාට් නාගරික සරණාගත කඳවුරේ පාසලේ ඉහළ මහලේ පන්තිකාමර වෙත යුද ගුවන් යානයක් මිසයිල දෙකක් එල්ල කළා.
ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් පාසලේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රදේශයට පමණක් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
නමුත් ගාසා තීරයේ හමාස් සංවිධානය පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව ඔවුන්ගෙන් නව දෙනෙකුගේ නම් ලබා දුන් ආකාරයටම තමන් මරා දැමූ බව පැවසූ හමාස් සටන්කරුවන් ප්‍රසිද්ධියේ හඳුනා ගන්නා ලෙස අමෙරිකාව ඉල්ලා තිබෙනවා.
ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර වලදී ඉලක්ක කරන සටන්කාමීන් නිතර හඳුනා ගන්නා නමුත් අමෙරිකාව එසේ කරන ලෙස ඉල්ලා සිටීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ප්‍රහාරයේ ඔවුන්ගේ ඉලක්ක සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ඔවුන් ඉලක්ක කරන සටන්කාමීන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්