ලෙබනනයේ බීරූට් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වෙනිසියුලා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති නිකලස් මදුරෝට තෙවැනි වරටත් ජන වරමක් හිමිවී තිබෙනවා.

8 වැනි චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය චීනයේ කුන්මින් නගරයේ Dian-chi ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පසුගියදා ආරම්භ වුණා.

හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව් හි සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කළා.


  ප්‍රධාන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

වැසි වැඩි වෙයි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවරතු නිවේදන නිකුත් කර තිබෙනවා.

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.

  නවතම පුවත්

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

  සම්බන්ධ කරන්න

© 2024 Lanka C Voice All Rights Reserved. | 
Powered By Smart eCampaign.