පොල්තෙල් කර්මාන්ත ශාලා රැකගැනීමට යෝජනාවලියක්
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඊයේ (07) පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව උපදෙස් ලබා දී තිබෙනවා.
දැනට අප රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000ක් වන අතර අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණයි.
ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබනවා.
දේශීය වෙළෙඳලළෙහි ආනයනික පොල්තෙල්වල මිල ගණන් අඩු මට්ටමක පවතින අතර දේශීය පොල්තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් පාරිභෝගිකයා වැඩිපුර ආනයනික පොල්තෙල් පරිභෝජනයට යොමු වී ඇතී බැවත් තම කර්මාන්තශාලා පවත්වාගෙන යාම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බවද කර්මාන්තකරුවෝ මෙහිදී පැවසුවා.
දැනට දේශීය පොල්තෙල් සඳහා අයකරනු ලබන වැට් බද්ද ඉවත් කරන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර අතර අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බවයි
එමෙන්ම දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කර්මාන්තකරුවන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් යෝජනාවලිය කඩිනමින් සකස් කරන ලෙසටද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.
සතියක් ඇතුලත මෙම යෝජනාවලිය තමන්ට ලබා දෙන ලෙසත්, ඉන් අනතුරුව එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්